ක්‍රිකට් නැති පාසල්වලට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රීඩා භාණ්ඩ
'ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම' අරමුණු කර ගනිමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම අද (ජුනි 06) ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
මෙහිදී ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් ගොඩනැගීමටත්, මානව සම්පත හඳුනා ගැනීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වේ. බස්නාහිර පළාතේ තෝරාගත්, නව (දැනට ක්‍රිකට් ක්‍රීඩාව නොපවතින) පාසල් 30 ක් සඳහා පැති විකට්, ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීන්, බස්නාහිර පළාත් තෝරාගත් පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.
මෙම අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසුවේ, ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සපයා දීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීමක් වන බවත්, එමනිසා මෙතෙක් ක්‍රියාත්මක වූ මෙවැනි යහපත් වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.
මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් සිදු කරන බවත්, එහි ප්‍රතිලාභ සියලුම ක්‍රිකට් ක්‍රීඩාවෙ යෙදෙන පාසල් වල දරුදැරියන්ට ලැබෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට වත්කමක් නොමැති බොහෝ දරු දැරියන් සිටින බැවින් මෙම ක්‍රිකට් උපකරණ ලබා දීම ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයට උපකාරී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසුවේ ය.
රටේ අනාගතය බාර ගැනීමට සිටින අනාගත පරපුර ලෙස තමන්ට පවතින පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙසත්, ක්‍රීඩාවත් අධ්‍යාපනයත් සමබරව පවත්වා ගනිමින් කටයුතු කරන ලෙසත් පාසල් දරු දැරියන් අමතා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ලදී.
ක්‍රීඩාව තුළින් යහපත්, සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහි කිරීමට බලාපොරොත්තු වන අතර, ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීමට රජයක් ලෙස ඉදිරියේ දීත් කටයුතු කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මෙහිදී පැවසුවේ ය.