ජපාන තානාපතිතුමන් සමඟ වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ නිළධාරීන් සාකච්ඡාවක්.

 ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසොකොශි හිඩෙයාකි (MIZUKOSHI HIDEAKI) මහතා සහ ජපාන නියෝජිතයින් වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයන්හි නිළධාරීන් සමඟින් විශේෂ සාකච්ඡාවක් 28 දින පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ ව්‍යාපෘති තුනක් වන මාදුරු ඔය, පේක්කුලම සහ කිවුල් ඔය යන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ සහයෝගය ලබා ගැනීමයි.

යෝජිත ජලාශ ව්‍යාපෘති තුලින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සීඝ්‍ර දියුණුවක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවතිණි.

මෙරට ක්‍රීඩා අධ්‍යාපනයේ නවමු වෙනසකට මන්පෙත් සපයමින් ක්‍රීඩා විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය දැඩිව පෙන්වාදුන් ක්‍රීඩා අමාත්‍යාංශ නිළධාරීන් ජපාන රජයෙන් ඊට විශේෂ සහයක් බලාපොරොත්තු වන බව පෙන්වා දුන් අතර ජාත්‍යන්තරය ජයගැනීමට අපගේ ක්‍රීඩකයින්ට එය මහඟු අවස්තාවක් ලෙස පෙන්වාදුණි.