උසස් කාර්ය සාධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පවත්වනු ලැබු එක්දින පුහුණු වැඩමුළුව

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ජාතික ක්‍රීඩා සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ ක්‍රීඩා වෘත්තීය ප්‍රගමණය දියුණු කිරීම උදෙසා එක්දින වැඩමුළුවක් 2023 ජනවාරි මස 07 වන දින ජාතික ක්‍රීඩා සභා ශ්‍රවණාගාරයේදි Sports Etiquettes and Career Progression of Athletes, Winning Sustaining and Behaving like a Winner, Strength & Conditioning , Anti-Doping යන මාතෘකා ඔස්සේ දිවයිනේ කීර්තිමත් වෘත්තීය වේදීන්ගේ දේශන සහිතව පවත්වන ලදි.

 

            එම අවස්ථාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු ගරු අමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා, ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ද සහභාගී විය. වැඩමුළුව අවසානයේදී සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහතිකපත්‍රයක්ද පිරිනමන ලදි.