වෘත්තීය නිපුනත්වයෙන් තරුණයින් සවිබල ගැන්වීම ජාතික යොවුන් සේනාංකය විසින් ආරම්භ කරයි.

වෘත්තීය නිපුනත්වයෙන් තරුණයින් සවිබල ගැන්වීම ජාතික යොවුන් සේනාංකය විසින් ආරම්භ කරයි.

 

ජාත්‍යන්තරය පිළිගත් Diamond Cutters Ltd ආයතනය සමඟ ජාතික යොවුන් සේනාංකය දියමන්ති කැපීමේ පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා 2022 ජූනි මස 17 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

 

ජාතික යොවුන් සේනාංක සභාපති/අධ්‍යක්ෂ කර්නල් දර්ශන රත්නායක  සහ Diamond Cutter Ltd ආයතනයේ  සන්ජය බේයිඩ් (කළමනාකරණ අධ්‍යක්ෂක) අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණි.

 

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 - 28 අතර නිර්මාණශීලි යෞවන/ යෞවනියන් දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කිරීමේ අරමුණ පෙරදැරිව මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායම 2022 ජූනි 20 වන දින ආරම්භ කෙරිණි. දෙවන කණ්ඩායම ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

 

දියමන්ති කැපීමේ පාඨමාලාව හා එක්වන යෞවන/ යෞවනියන් හට ජාතික යොවුන් සේනාංකය විසින් පිරිනමන විනය, නායකත්ව හා පෞර්ෂත්වය ඔප්නැංවීම සඳහා වන ජීවන කුසලතා පාඨමාලාව නොමිලේ හැදෑරීමට හැකි  වේ.

 

පාඨමාලාවට සහභාගී වන යෞවන / යෞවනියන් හට සයමාසික පුහුණු කාල සීමාවේදී Diamond Cutters Ltd ආයතනය විසින් රු 29,000 ක දීමනාවක් ලබාදෙන අතර නොමිලේ ආහාරපාන  හා ප්‍රවාහන පහසුකම්  ලබාදේ. දියමන්ති කැපීමේ පාඨමාලාව සාර්ථවක අවසන් කළ යෞවන/ යෞවනියන් හට ස්ථිර රැකියා අවස්ථාවන් හිමිවේ.